Friday, February 15, 2008

බ්ලොග්ස් Blogs
මෙය හඳුන්වන්නේ දින සටහන් තැබීමේ කාර්යක් ලෙසයි. නමින්ම මෙය ඉතා සරළ ක‍්‍රියාදාමයකි. Web Log යන වචන වලින් Blogs යන නම මෙයට දී ඇත. මෙමගින් ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් තමන්ගේ අදහස්, මතවාද අත්දැකීම්, තමන් සොයා ගත් දෑ, පින්තූර ආදිය ප‍්‍රචාරය කර ගත හැක. මේ වන විට ලෝකයේ මිලියන 3. 5 ක් පමණ Blogs භාවිතා කරමින් සිටී. එයින් සියයට 55 ක් පමණ කි‍්‍රයාත්මක වේ.
බ්ලොග්ස් මගින් තොරතුරු බෙදා හැරීම
ඔබ මුලින්ම කළ යුත්තේ blogger.com අදාල URL සටහන් කර අන්තර්ජාලයෙන් අදාල වෙබ් අඩවියට පිවසීමයි. එවිට රූපයේ දැක්වෙන සටහනක් ඔබට දිස්වේ. මෙම රූපයේ පෙන්වාදෙන උපදෙස් අනුව යමින් ඔබට ඉතා ඉක්මණින්ම ඔබේම Blogs සටහනක් සකසා ගත හැක.

පියවර 01 Create Account ඔබේ E mail ලිපිනයක් යොදාගනිමින් ඔබේ නමට ගිණුමක් විවෘත කර ගන්න.
පියවර 02 Name නමක් තැබීම. ඔබ කැමති නමකින් ඔබේ Blog සටහන නම් කර ගන්න.
My News වැනි යෙදුමක් ඊට සෑහේ.
පියවර 03 Template ආකෘතියක් තේරීම. ඔබ කැමති පිරිදි මෙහි දැක්වෙන ආකෘති තුනෙන් එකක් තොරා ගන්න. ඉන්පසු ඔබේ විස්තර, ඔබ කැමති පින්තූර ඊට ඇතුලත් කරන්න.
පියවර 04 Upload. ඔබේ Blog සටහන ප‍්‍රචාරය කිරීම සඳහා අන්තර් ජාලයට සම්බන්ධ කරන්න.

බ්ලොග් සෑදීමට පාසැල් සිසුන්ට අවස්ථාවක්.

මීපුර පුවත්පත මගින් ආරම්භ කර ඇති පුරවැසි මාධ්‍ය පුහුණු පාඨමාලාව මේ දිනවල පැවැත්වේ. මෙම පුහුණු පාඨමාලාවෙන් පාසැල් වල මාධ්‍ය ඒකක වල සිසුන්ට Blog සාදා ගන්නා ආකාරය පිළිබඳ දැනුමක් ලබාදී ඇත. මෙම පාඨමාලාවට සහභාගී වන සෑම සිසු සිසුවියකටම තමන්ගේ Blog සටහනක් නිර්මාණය කර ගැනීමට මේ නිසා අවකාශ ලැබී තිබේ. එයින් ඔවුන්ගේ නිර්මාණ, ලෝකයටම එළි දැක්වීමට ලැබීම ගැන සිසුන් මහත් සතුටට පත් වී ඇත.
E College තුළින් ඔබත් මෙම දැනුම ලබාගෙන අදම Blog සටහනක් විවෘත කරගන්න.
( දැන්ම www.blogger.com වෙබ් අඩවිය ට පිවිසෙන්න)